Skip to main content

Posts

Showing posts with the label Sinhala News

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

මෙරට HIV ආසාධිතයින් සංඛ්‍යාව ඉහළට

මෙරට HIV අසාධිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ. ජාතික ලිංගාශ්‍රිත හා එඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විරංසිහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට HIV අ...

තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දෙති

තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනූව චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසයි. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය. එස්. බී. දිසානායක මහතා දිවුරුම් දුන්නේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ බහුතර මතය විමසිය යුතුයි – කථානායක

ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානාය...

කථානායක සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

කථානායක කරූ ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් විය. කථානායක මාධ්‍ය ඒකකය සඳහ...

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළට

බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. ඒ, පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් සමග අද දහවල් ගමනාගමන කොමිසමේ පැවති ස...

DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත තිබේ. ඒ, ජනපති ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. වැඩ තහනමට ලක් ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පසුගිය 25 වැනි දා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

දිනේෂ් හා පියසේන ගමගේ වැඩ භාර ගනී

නව ආණ්ඩුවේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද සිය අමාත්‍යංශවල වැඩ භාර ගත්හ. දිනේෂ් ගුණවර්ධන මහතා අද බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේ ය. ඒ, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේදී ය. පියසේන ගමගේ මහතා තරුණ, කාන්තා හා ළමා කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යංශයේදී අද වැඩ භාර ගනු ලැබුවේ ය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියේ ය.

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි – පොලිස්පති

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හ...

අභියෝග භාර ගැනීමට භය වෙන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

යහපාලන ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වූ අවස්ථාවලදී එය මුල් කර ගෙන පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමට තමා කටයුතු නොකළ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ය. අභියෝග භාර ගැනීමට බිය නොවන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේ ය.

ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්

බුලත්කොහුපිටිය මොරොන්තොට හාල්මැස්ස මාර්ගයේ ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් සිසුන් 3 දෙනෙකු සමග දිය නාමින් සි...

පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ

කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය. කථානායක මාධ්‍ය ඒකකය සඳහන් ...

බස් ගාස්තු අඩු වන ලකුණු

ඩීසල් මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර ය. ජා...

හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 60ක් සමග සැකකරුවෙකු කොච්චිකඩේ තක්කියා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක...

වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට

පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක් විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍ර...

තෙල් සංස්ථා මූලස්ථාන වෙඩි තැබීම ගැන ප‍්‍රකාශ සටහන් කරගනී

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන්, මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය ...

අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක්

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අද තරගය නරත කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් ...

බන්ධනාගාර 3ක CCTV කැමරා සවි කිරීමට පියවර

බන්ධනාගාර තුනක් වෙත ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර අමාත්‍යාංශය පවයි. එහි ජේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්...

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එ...

දින 10 ක් තුළ හලාවත මහා රෝහලෙන් බිළිඳු මරණ තුනක්

දින 10 ක් තුළ හලාවත මහා රෝහලේදී බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මිය ගොස් තිබේ. රෝහලෙන් පළමු මරණ වාර්තා වුයේ, පසුගිය මස 28 වන දා මවක් සහ ඇයගේ බිළිඳිය මිය යෑමත් සමගිනි. දින 10 ක් වැනි කෙටි කාලයක් තුළ මාතෘ හා ළදරු මරණ වාර්තාවීම පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන්නැයි මියගිය අයගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, දින 10 ක් තුළ බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මියයෑම පිළිබඳ දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙම මරණ ස්වාභාවික හේතුමත සිදුවුයේ ද විෂ බීජ ආසාධනයකින් සිදු වුයේ ද නැතහොත් කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා සිදු වුවක් ද යන්න පරීක්ෂණ ක්‍රියාත්මක බව වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතා පැවසීය.

නි. අමාත්‍ය මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ. මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා ඉදිරියට කටයුතු කරන බවයි. නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මනූෂ නානායක්කාර මහතා පසුගිය 01 වැනි දා දිවුරුම් දුන්නේ ය. නමුත් අද ජනාධිපතිතුමාවෙත ලිපියක් යවමින් ඔහු දැනුම්දී ඇත්තේ, ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තෙක් පාර්ලිමේන්තුවේ පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බවට කථානායකවරයා දරන ස්ථාවරයට තමන් ද එකඟ වන බව එම ලිපියේ සඳහන් විය. එබැවින් තමන්ට ව්‍යාවස්ථානුකූල නොවන ධූරයක කටයුතු කිරීමට නොහැකි බව නානායක්කාර පවසා තිබේ. ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, කථානායකවරයාගේ ස්ථාවරය පිළිගන්නා තමන් රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිලඅග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට සිදුවන බවයි. ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දීමෙන් පසුව මනූෂ නානායක්කාර මහතා අරලියගහ මන්දිරයට පැමිණ රනි...