
බන්ධනාගාර තුනක් වෙත ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර අමාත්‍යාංශය පවයි.
එහි ජේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාර සඳහා ආරක්ෂිත කැමරා සවි කරන බවයි.
කැමරා සවි කිරීම සඳහා නිශ්චිත ස්ථාන මේ වන විට හඳුනාගෙන අවසන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියා ඉහළ යාමත් සමග මෙම පියවර ගත් බවයි.
මේ වසර අවසන් වීමට පෙර කැමරා සවි කිරිමේ කටයුතු නිම කිරීමට බන්ධනාගාර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, නීතිවිරෝධී ක්‍රියා මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය එම බන්ධනාගාර වෙත අනියුක්ත කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට ද සිදුව ඇති බවයි.
එම නිලධාරීන් සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීමට කාලය ගතවීම හමුවේ එම තත්ත්වය නිර්මානය වී ඇතැයි ද, ඔහු පැවසී ය.
කෙසේ වෙතත්, මෙම බන්ධනාගාර සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශය නිරන්තර අවධානයෙන් සිටින බව ද ලේකම්වරයා පැවසී ය.