Skip to main content

Posts

Showing posts from November, 2018

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

මෙරට HIV ආසාධිතයින් සංඛ්‍යාව ඉහළට

මෙරට HIV අසාධිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ. ජාතික ලිංගාශ්‍රිත හා එඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විරංසිහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට HIV අසාධිතයින් 310 ක් වාර්තා වූ බවයි. පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ HIV අසාධිතයින් 285 ක් පමණි. මේ අතර ඒඩ්ස් අවසන් කිරීම සඳහා ‘ඔබට HIV ඇත්දැයි තහවුරු කිරීමට රුධිර පරීක්ෂාවක් කර ගන්න’ යන තේමාවෙන් මෙවර ලෝක ඒඩ්ස් දිනය අද ලොව පුරා සැමරෙනු ඇත. ඒ වෙනුවෙන් වූ පාගමනක් අද පෙරවරුවේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ වී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කිරීමට නියමිත වේ.

තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දෙති

තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනූව චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසයි. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය. එස්. බී. දිසානායක මහතා දිවුරුම් දුන්නේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ බහුතර මතය විමසිය යුතුයි – කථානායක

ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි. කථානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ, ලබන 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද පස්වරුවේ පැවති පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමිනි. එදින න්‍යාය පත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වී ඇත්තේ, පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවටයි. අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි. දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මෙහිදී පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය ක

කථානායක සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

කථානායක කරූ ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් විය. කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව කැඳවිමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවූ බවයි. මේ අතර ලබන 14 වැනි දා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේ ආසන පැනවීමේ කටයුතු ලබන 12 වැනි දා සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පැවසුවේ, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ආසන පනවන බවය. ඒ සඳහා කථානායකවරයාගේ උපදෙස් ලබා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

Privacy Policy

Privacy Policy Ashen Ishanka built the Learn Artificial Intelligence app as a Commercial app. This SERVICE is provided by Ashen Ishanka and is intended for use as is. This page is used to inform visitors regarding my policies with the collection, use, and disclosure of Personal Information if anyone decided to use my Service. If you choose to use my Service, then you agree to the collection and use of information in relation to this policy. The Personal Information that I collect is used for providing and improving the Service. I will not use or share your information with anyone except as described in this Privacy Policy. The terms used in this Privacy Policy have the same meanings as in our Terms and Conditions, which is accessible at Learn Artificial Intelligence unless otherwise defined in this Privacy Policy. Information Collection and Use For a better experience, while using our Service, I may require you to provide us with certain personally identifiable information

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළට

බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. ඒ, පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් සමග අද දහවල් ගමනාගමන කොමිසමේ පැවති සාකච්ඡාවකදීයි. ඩීසල් ලීටරයක මිල පසුගිය පළමුවැනිදා සිට රුපියල් 7 කින් පහළ දැමීමත් සමග බස් සංගම් පැවසුවේ, එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට සූදානම් බවයි. ඒ අනුව අදාළ සාකච්ඡා අද පැවැත් විය. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 ගාස්තුව වෙනසක් සිදු නොවේ. මෙම සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ද සහභාගි විය.

DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත තිබේ. ඒ, ජනපති ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. වැඩ තහනමට ලක් ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පසුගිය 25 වැනි දා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

දිනේෂ් හා පියසේන ගමගේ වැඩ භාර ගනී

නව ආණ්ඩුවේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද සිය අමාත්‍යංශවල වැඩ භාර ගත්හ. දිනේෂ් ගුණවර්ධන මහතා අද බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේ ය. ඒ, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේදී ය. පියසේන ගමගේ මහතා තරුණ, කාන්තා හා ළමා කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යංශයේදී අද වැඩ භාර ගනු ලැබුවේ ය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියේ ය.

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි – පොලිස්පති

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා කියා සිටියේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරන බව ය. ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය. ඔහු පැවසුවේ, ඊයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බව ය.

අභියෝග භාර ගැනීමට භය වෙන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

යහපාලන ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වූ අවස්ථාවලදී එය මුල් කර ගෙන පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමට තමා කටයුතු නොකළ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ය. අභියෝග භාර ගැනීමට බිය නොවන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේ ය.

ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්

බුලත්කොහුපිටිය මොරොන්තොට හාල්මැස්ස මාර්ගයේ ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් සිසුන් 3 දෙනෙකු සමග දිය නාමින් සිටියදී ඊයේ පස්වරුවේ ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව ය. එලෙස අතුරුදන්ව ඇත්තේ, 17 හැවිරිදි වරකාපොළ ඇත්නාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සොයා මේ වන විට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ

කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය. කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලබන 14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව ය. මේ අතර ලබන 14 වන දා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේ ආසන පැනවීමේ කටයුතු ලබන 12 වන දා සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ආසන පනවන බව ද ඔහු පැවසුවේ ය. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සදහා කථානායකවරයාගේ උපදෙස් ලබා ගන්නා බව ය.

බස් ගාස්තු අඩු වන ලකුණු

ඩීසල් මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර ය. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව එළැඹෙන තීරණය කැබිනට් මණ්ඩලයට වාර්තා කරන බව ය. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, 2%කින් බස් ගාස්තු පහළ දැමීමට තම සංගමය තීරණය කර ඇති බව ය. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඩීසල් මිල පහළ යාමෙන් වූ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට තම සංගමය කිසිදු විරෝධයක් නොදක්වන බව ය.

හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 60ක් සමග සැකකරුවෙකු කොච්චිකඩේ තක්කියා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී ය. සැකකරු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික ය. 51 හැවිරිදි සැකකරු මීගමුව කඩොල්කැළේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 3 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. බොරැල්ල පුවලිංගම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 740ක් සමග 39 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 51ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. බොරැල්ල සින්න දූපත ප්‍රදේශයේදී ද තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තීබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 700කි. හොරොයින් ග්‍රෑම් 22ක් සමග මාරවිල බස් නැවතුම්පොළ අසළදී ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 40 හැවිරිදි ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට

පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක් විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය. ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලක්නව්හිදී ඊයේ පැවැත්විණි. මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ රෝහිත් ශර්මා ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශර්මා සහ ශිකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 123කි. ධවාන් පන්දු 41කින් 4 පහර 3ක් ද සමගින් ලකුණු 43ක් රැස් කළේ ය. වේගවත් පිතිහරඹයක නිරත වූ රෝහිත් ශර්මා පන්දු 61කින් ලකුණු 111යි. 4 පහර 8කින් සහ 6 පහර 7කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. ඒ අනුව ශර්මා ඉතිහාසයට එක් වූයේ, පන්දුවාර 20යි 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ය. එමෙන් ම පන්දුවාර 20යි 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ නායකයා ලෙස ද ශර්මා වාර්තා අතරට එක් විය. පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 2කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 195කි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටිය

තෙල් සංස්ථා මූලස්ථාන වෙඩි තැබීම ගැන ප‍්‍රකාශ සටහන් කරගනී

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන්, මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ප‍්‍රකාශ සටහන් කරගත් පිරිස අතර තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සේවකයින් කිහිප දෙනෙකු ද වන බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන්, CCTV දර්ශන මගින් පරීක්ෂණ පවත්වන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. පසුගිය 28 වනදා පස්වරුවේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ. ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙක් එහිදී ජීවිතක්ෂයට පත්විය. 28 වන දා පස්වරුවේ, අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහකාරි තත්ත්වයක් ඇතිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙ

අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක්

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අද තරගය නරත කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 321 කි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වේ. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ටෙස්ට් තරග 92 කදී ඉනිම 168 ක් තුළ කඩුලු 430 ක් දවා ගනිමින් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයින් අතර වැඩිම කඩුලු ලාභියා වන රංගන හේරත් පිටියට පැමිණියේ සිය සහෝදර ක්‍රීඩකයින්ගේ ගෞරවය මධ්‍යයේයි. රෝරි බර්න්ස් සහ බෙන් ෆෝක්ස් අද ටෙස්ට් වරම් දිනා ගත්තේ ය. එංගලන්ත ඉනිම ආරම්භ කළේ, රෝරි බර්න්ස් සහ කෙයිටන් ජෙනිංග්ස්. බර්න්ස් ලකුණු 9 කට පිටියෙන් ඉවත් විය. රංගන හේරත් හමුවේ නායක ජෝ රූට් ලකුණු 35 කට පිටියෙන් දැවී ගියේ ය. රංගන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී දවා ගත් සියවැනි කඩුල්ල එයයි. ඒ අනුව එක් ක්‍රීඩාංගණයකදී ටෙස්ට් කඩුලු සියයක් දවා ගත් ලොව තුන්වැනි ක්‍රීඩකයා ලෙස රංගන වාර්තා අතරට එක් විය. ජ

බන්ධනාගාර 3ක CCTV කැමරා සවි කිරීමට පියවර

බන්ධනාගාර තුනක් වෙත ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර අමාත්‍යාංශය පවයි. එහි ජේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාර සඳහා ආරක්ෂිත කැමරා සවි කරන බවයි. කැමරා සවි කිරීම සඳහා නිශ්චිත ස්ථාන මේ වන විට හඳුනාගෙන අවසන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියා ඉහළ යාමත් සමග මෙම පියවර ගත් බවයි. මේ වසර අවසන් වීමට පෙර කැමරා සවි කිරිමේ කටයුතු නිම කිරීමට බන්ධනාගාර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, නීතිවිරෝධී ක්‍රියා මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය එම බන්ධනාගාර වෙත අනියුක්ත කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට ද සිදුව ඇති බවයි. එම නිලධාරීන් සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීමට කාලය ගතවීම හමුවේ එම තත්ත්වය නිර්මානය වී ඇතැයි ද, ඔහු පැවසී ය. කෙසේ වෙතත්, මෙම බන්ධනාගාර සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශය නිරන්තර අවධානයෙන් සිටින බව ද ලේකම්වරයා පැවසී ය.

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නාය යෑම් පිළිබඳ අධ්‍යයන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

දින 10 ක් තුළ හලාවත මහා රෝහලෙන් බිළිඳු මරණ තුනක්

දින 10 ක් තුළ හලාවත මහා රෝහලේදී බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මිය ගොස් තිබේ. රෝහලෙන් පළමු මරණ වාර්තා වුයේ, පසුගිය මස 28 වන දා මවක් සහ ඇයගේ බිළිඳිය මිය යෑමත් සමගිනි. දින 10 ක් වැනි කෙටි කාලයක් තුළ මාතෘ හා ළදරු මරණ වාර්තාවීම පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන්නැයි මියගිය අයගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, දින 10 ක් තුළ බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මියයෑම පිළිබඳ දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙම මරණ ස්වාභාවික හේතුමත සිදුවුයේ ද විෂ බීජ ආසාධනයකින් සිදු වුයේ ද නැතහොත් කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා සිදු වුවක් ද යන්න පරීක්ෂණ ක්‍රියාත්මක බව වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතා පැවසීය.

නි. අමාත්‍ය මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ. මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා ඉදිරියට කටයුතු කරන බවයි. නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මනූෂ නානායක්කාර මහතා පසුගිය 01 වැනි දා දිවුරුම් දුන්නේ ය. නමුත් අද ජනාධිපතිතුමාවෙත ලිපියක් යවමින් ඔහු දැනුම්දී ඇත්තේ, ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තෙක් පාර්ලිමේන්තුවේ පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බවට කථානායකවරයා දරන ස්ථාවරයට තමන් ද එකඟ වන බව එම ලිපියේ සඳහන් විය. එබැවින් තමන්ට ව්‍යාවස්ථානුකූල නොවන ධූරයක කටයුතු කිරීමට නොහැකි බව නානායක්කාර පවසා තිබේ. ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, කථානායකවරයාගේ ස්ථාවරය පිළිගන්නා තමන් රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිලඅග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට සිදුවන බවයි. ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දීමෙන් පසුව මනූෂ නානායක්කාර මහතා අරලියගහ මන්දිරයට පැමිණ රනි

Privacy Policy

Privacy Policy Ashen Ishanka built the Youtube Channel app as a Freemium app. This SERVICE is provided by Ashen Ishanka at no cost and is intended for use as is. This page is used to inform visitors regarding my policies with the collection, use, and disclosure of Personal Information if anyone decided to use my Service. If you choose to use my Service, then you agree to the collection and use of information in relation to this policy. The Personal Information that I collect is used for providing and improving the Service. I will not use or share your information with anyone except as described in this Privacy Policy. The terms used in this Privacy Policy have the same meanings as in our Terms and Conditions, which is accessible at Youtube Channel unless otherwise defined in this Privacy Policy. Information Collection and Use For a better experience, while using our Service, I may require you to provide us with certain personally identifiable information. The information t