Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

මෙරට HIV ආසාධිතයින් සංඛ්‍යාව ඉහළට



මෙරට HIV අසාධිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

ජාතික ලිංගාශ්‍රිත හා එඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විරංසිහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට HIV අසාධිතයින් 310 ක් වාර්තා වූ බවයි.
පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ HIV අසාධිතයින් 285 ක් පමණි.
මේ අතර ඒඩ්ස් අවසන් කිරීම සඳහා ‘ඔබට HIV ඇත්දැයි තහවුරු කිරීමට රුධිර පරීක්ෂාවක් කර ගන්න’ යන තේමාවෙන් මෙවර ලෝක ඒඩ්ස් දිනය අද ලොව පුරා සැමරෙනු ඇත.
ඒ වෙනුවෙන් වූ පාගමනක් අද පෙරවරුවේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ වී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කිරීමට නියමිත වේ.