Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට



හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 60ක් සමග සැකකරුවෙකු කොච්චිකඩේ තක්කියා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී ය.
සැකකරු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික ය.
51 හැවිරිදි සැකකරු මීගමුව කඩොල්කැළේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 3 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බොරැල්ල පුවලිංගම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 740ක් සමග 39 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 51ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
බොරැල්ල සින්න දූපත ප්‍රදේශයේදී ද තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තීබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 700කි.
හොරොයින් ග්‍රෑම් 22ක් සමග මාරවිල බස් නැවතුම්පොළ අසළදී ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 40 හැවිරිදි ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.