Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

තෙල් සංස්ථා මූලස්ථාන වෙඩි තැබීම ගැන ප‍්‍රකාශ සටහන් කරගනී

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන්, මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ප‍්‍රකාශ සටහන් කරගත් පිරිස අතර තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සේවකයින් කිහිප දෙනෙකු ද වන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, CCTV දර්ශන මගින් පරීක්ෂණ පවත්වන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.
පසුගිය 28 වනදා පස්වරුවේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.
ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙක් එහිදී ජීවිතක්ෂයට පත්විය.
28 වන දා පස්වරුවේ, අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහකාරි තත්ත්වයක් ඇතිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ