Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළට



බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.

ඒ, පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් සමග අද දහවල් ගමනාගමන කොමිසමේ පැවති සාකච්ඡාවකදීයි.
ඩීසල් ලීටරයක මිල පසුගිය පළමුවැනිදා සිට රුපියල් 7 කින් පහළ දැමීමත් සමග බස් සංගම් පැවසුවේ, එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට සූදානම් බවයි.
ඒ අනුව අදාළ සාකච්ඡා අද පැවැත් විය.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 ගාස්තුව වෙනසක් සිදු නොවේ.
මෙම සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ද සහභාගි විය.