Skip to main content

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

දින 10 ක් තුළ හලාවත මහා රෝහලෙන් බිළිඳු මරණ තුනක්

දින 10 ක් තුළ හලාවත මහා රෝහලේදී බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මිය ගොස් තිබේ.

රෝහලෙන් පළමු මරණ වාර්තා වුයේ, පසුගිය මස 28 වන දා මවක් සහ ඇයගේ බිළිඳිය මිය යෑමත් සමගිනි.

දින 10 ක් වැනි කෙටි කාලයක් තුළ මාතෘ හා ළදරු මරණ වාර්තාවීම පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන්නැයි මියගිය අයගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, දින 10 ක් තුළ බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මියයෑම පිළිබඳ දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම මරණ ස්වාභාවික හේතුමත සිදුවුයේ ද විෂ බීජ ආසාධනයකින් සිදු වුයේ ද නැතහොත් කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා සිදු වුවක් ද යන්න පරීක්ෂණ ක්‍රියාත්මක බව වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතා පැවසීය.