Download project zip Or access each file in the project
A. ගහනයේ වර්ධනය පටන් ගන්නා අවධිය :
• මෙම අවධියේ වේගය ඉතා අඩු ය. ජීවීන් සංඛ්‍යාව සෙමින් වැඩිවේ. ඊට හේතුව වන්නේ,
1. පරිසරයට හොඳින් අනුවර්තනය වී නොතිබීම.
2. ප්‍රජනනය කළ හැකි මට්ටමේ පරිනත ජීවීන් අඩු විම්.
B. ගහනයේ වර්ධනය සීඝ්‍ර ලෙස සිදු වන අවධිය: (Exponential Phase)
• පරිසර සාධක සුලබ වීම.
• ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වීම.
• ප්‍රජනනය කළ හැකි මට්ටමේ පරිනත ජීවීන් පරිසරයේ බහුල වීම නිසා ගහනයේ වර්ධනය සීඝ්‍ර ලෙස සිදුවේ.
C. වර්ධන වේගය අඩුවන අවධිය : (Transitional Phase)
පරිසරයේ ජීවින් සුලබ වීම නිසා ජීවීන් අතර ඉඩකඩ, ආහාර, ආලෝකය වැනි සාධක සඳහා
තරගය අධික වීමත, විලෝපීයතාවය හා පරපෝෂිත හානි මගින් ඇතිවන ලෙඩ රෝග වල බලපෑම නිසා ගහනයේ මරණ අනුපාතිකය ඉහල යාමෙම් ගහනයේ වර්ධනය
අඩුවේ.
D. ගහනය සමතුලිත වන අවධිය : (Plateau Phase)
පරිසර තත්වයන්ට අනුවර්තනය වූ පරිසරයට දරාගත හැකි ජීවීන් සංඛ්‍යාවක් පරිසටය මඟින් තීරණය වෙයි. ගහනයේ වර්ධනය ශූන්‍ය වී ඇත. මේ අවස්ථාවෙර් පරිසරයේ හමුවන එම ගහනයේ ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාව ලෙස හැඳින්වේ.