Download project zip Or access each file in the project
ජෛව ගෝලය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද ? එහි පවතින සංවිධාන මට්ටම අනුපිළිවෙළින් හඳුන්වා දීම
• පෘථිවියේ ජීවීන් ජීවත් වන සීමිත ප්රදේශය ජෛව ගෝලය නම් වේ. මෙය සියළුම පරිසර පද්ධති වල එකතුව නිසා පෘථිවියේ විශාලතම පරිසර පද්ධතිය වේ.
ඒකෛකයා යනු
• කිසියම් ජීවී විශේෂයක තනි සාමාජිකයෙකි ඒකෛකයා ලෙස හඳුන්වයි.
උදා:- මිනිසා, අඹ ගසක්, අලියා.
විශේෂයක් යනු
• බොහෝ දුරට සමාන ගති ලක්ෂණ පෙන්වන, එහෙත් වෙනස්කම් ද දක්නට ලැබෙන, අන්තරාභිජනනයෙන් සරු ජනිතයන් ඇති කළ හැකි ජීවීන් එකම විශේෂයක් නම් වේ.
- බූරුවන් හා අශ්වයන් අතර අන්තරාභිජනනයෙන් බිහිවන කොටළුවා සරු ජනිතයෙක් නොවේ.
- ඇලස්කානු දුඹුරු වලසා හා ධ්රැවාසන්න හිම වලසා අතර අන්තරාභිජනනයෙන් බිහිවන පැටවා සරු ජනිතයෙක් විය.
මෙය ඉහත අර්ථ දැක්වීමෙන් අපගමනය වූ අවස්ථාවකී.