• 1914- 1919 දක්වා යුරෝපය පුරා පැවති යුද්ධ මාලාව පළමු ලෝක මහා සංග්‍රාමය වශයෙන් හැඳින්වේ.
පළමුවන ලෝක සංග්‍රාමයට හේතු
• පළමුවන ලෝක මහා සංග්‍රාමයට ප්‍රධානතම හේතුව වූයේ යටත් විජිත සඳහා වූ තරංගය හා රටවල් කාර්මීකරණය වීම නිසා යුරෝපා ජාතීන් අතර් අමුද්‍රව්‍ය ලබා ගැනීම හා වෙළඳාම සඳහා වූ තරඟයයි.
පළමු ලෝක මහා සංග්‍රාමය ඇති වීමට හේතු වූ තවත් කරුණු කිහිපයක්
• ඇල්සේස් ලොරෙන් ප්රශ්නය.
• යුරෝපය පිල් දෙකකට බෙදීම.
• ජර්මන් කයිසර්වරුන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය.
• එංගලන්ත - ජර්මන් නාවික තරඟය.
• 1914 සාර්ද්ජිවෝ සිද්ධිය.
• ජර්මන් නාවික ප්‍රතිපත්තියට විරුද්ධ ව ඇමරිකා එක්සත් ජනපදය මිත්‍ර සංවිදානයට එකතු වීම.
• එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය එක් පාර්ශවයකට අයත් විය.
• අනෙක් පාර්ශවයට ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය, තුර්කිය, බල්ගේරියව, හංගේරියාව අයත් විය.
පළමුවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල
• විශාල වශයෙන් මනුශ්‍ය ඝාතන සහ දේපළ විනාශ විය.
• වරදකරුවා වශයෙන් සලකා ජර්මනියට දැඩි දඬුවම් පැමිණ විය.
• ඇල්ලෙස් - ලොරේන් ප්‍රංශයට පවරා දීම් සිදු විය.
• ඇල්ලෙස් - ලොරෙන් ප්‍රංශයට පවරා දීම සිදු විය.
• යුරෝපයේ පැවති ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටුණි.
• නව රාජ්‍ය ගණනාවක් බිහි විය.
> චෙකොස්ලොවැකියාව
> යොගොස්ලොවියාව
• පැරණි රාජ්‍ය නාම වෙනුවට අලුතින් රටවල් නම් කරන ලදී.
> මෙසපොතේමියාව - ඉරාකය
> කොන්සන්තිනෝපල් - ඉස්තාන්බූල්
• ලෝක සාමය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා ජාතීන්ගේ සංගමය පිහිටුවා ගන්නා ලදී.