තරුණ තරුණියන්ට ඇති , පිළිතුරක් සොයාගැනීමට හෝ කිසිවෙකුගෙන් ඇසීමට නොහැකි ප්‍රශ්ණයකට පිළිතුරක් - ස්වයංවින්ධනය
ස්වයංවින්ධනය යනු ලිංගික සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැතිව සිදු කරන ලිංගික අත්හදාබැලීමයි.
මෙම ස්වයංවින්ධනය පාසල් අවධියේ (14+) සිට ගැහැණු හා පිරිමි රහසිගතව සිදු කරයි.
ස්වයංවින්ධනය ලබන පුද්ගලයෙකුට තිබෙන ගැටලුව වන්නේ මෙය අහිතකරද යන්නයි.
බොහෝ දෙනෙකු ස්වංවින්ධනයට බයක් දක්වන්නේ එම හේතුව මතයි.
කෙසේ උවද ස්වයංවින්ධනය ඕනෑම අයෙකුට ලබාගත හැකියි.
එය තම ඉදිරි ලිංගික ජීවිතයට කිසිඳු බලපෑමක් ඇති නොකරයි.
තවද පුද්ගලයෙකුට ස්වයංවින්ධනය නිසා තම ශරීරය කෙට්ටු වේ යැයි බියක්ද පවතී.
එම බිය ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි අතර ස්වයංවින්ධනය නිසා තම ශරීරය කෙට්ටු වීමක් ඇති නොකරයි.
ස්වයංවින්ධනය කී වරක් පමණක් සිදු කළ යුතුද?
එලෙස සීමාවක් නොමැත. ඕනෑම අයෙකුට තම ලිංගික රුචිකත්වයට අනුව සීමාවක් විරහිතව ස්වයංවින්ධනය ලබා ගත හැක. නමුත් ලිංගික රුච්කත්වයක් නොමැතිව ස්වයංවින්ධනය සිදුකිරීමට සිතේනම් හෝ සිදුකරනවානම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. (එය රෝග තත්වයකී)
(ස්වයංවින්ධනයේදී අහිතකර අත්හදාබැලීම් සිදු නොකළ යුතුය)