දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ බිහි වූ සමාජවාදී හා ධනවාදී යන බල කඳවුරු දෙකෙන් එකකටවත් ගැති නොවී සිටි ජාතීන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි (Non Alignment) ප්‍රතිපත්තිය ලෙසින් හඳුන්වන ලදී.
දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබූ තුන්වන ලෝකයේ රටවල් ලෙස සැලකෙන ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයන් බවට පත්විය.
සෝවියට හා ඇමරිකානු කඳවුරු දෙකෙහි නායකයන් නව නිදහස් රාජ්‍ය හැකි තරම් තම පිලට වැඩි කරගැනීමට උත්සහ දරන විට දිගු කලක් අධිරාජ්‍යවාදයට හසුව සිට නිදහස ලැබූ ජාතීන්ට අවශ්‍ය වූයේ තම නිදහස රැකගෙන, කිසිඳු සුපිරි බලවතෙකුට තම හිස නො නමන ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.
ඒ අනුව නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය බිහි විය.
නොබැඳි ජාතීන්ගේ නිර්මාතෘ ලෙස ඉන්ධියාවේ හිටපු අගමැති ජවහර් ලාල් නේරු, ඉන්දුනීසියානු ජනාධිපති සුකර්නෝ, යුගොස්ලෝවියානු ජනාධිපති මාෂල් ටීටෝ, ඊජිත්තියානු ජනාධිපති අබ්දුල් නසාර් යන අය කටයුතු කළේ ය.
නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්තිය වූයේ බල කඳවුරු දෙකෙන්ම ඉවත් වී හුදකලාව සිටීමට නොව නිදහස, ආරක්ෂාව, සාමය හා සහයෝගීතාවය පදනම් කරගත් එකකී