වර්ථමානයේදී ඔබගේ කාර්‍යබහුල ජීවිතයත් සමග රූපවාහීනී නැරබීමට නොහැකිය.
ජංගම ජීවිතයක් ගතකරන බොහෝ දෙනාගේ රූපවාහිණි නැරඹීමේ අවශ්‍යතාවය සපුරාලීමට දැන්, භාශා ලංකා පුද්ගලික ආයතනයෙන් MobiTV සේවාව හඳුන්වා දී තිබෙනවා.
ලාංකීය රූපවාහිණී නාලිකා සියල්ලක්ම පාහේ එකම ස්ථානයකින් නැරඹිය හැකි මෙම MobiTV සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර, ඔබට වැය වන්නේ ඔබගේ අන්තර්ජාල සබඳතාවට වැය වන මුදල පමණි.
පරිගණකයෙන් හෝ ඕනෑම ස්මාර්ට් දුරකතනයකින් (Apple / Android / Windows) ඔබට MobiTV සේවාව ලබාගත හැකියි. 2G අන්තර්ජාල වේගයක් තිබුනද භාවිතා කල හැකි MobiTV සේවාව දැනට ඇති එවැනි වෙනත් සේවාවන් මෙන් නොව, සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව, ශ්‍රී ලංකා රූපවාහිණි නාලිකාවන්ගෙන් අවසරලත් සේවාවක් ලෙස ඔබට ලබාදේ. එහෙයින් ඔබට ලබාගන්නා සේවාවේ ස්ථාවර භාවය පිළිබඳව ගැටළුවක් ඇතිකරගත යුතු නොවේ.
සජීවීව රූපවාහිණි නාලිකා නැරඹිය හැකි වීම, පැරණි රූපවාහිණි වැඩසටහන් නැවත නැරඹීමට හැකි වීම මෙන්ම ඔබට දැන් විකාශය වන්නේ කුමන වැඩසටහන දැයි දැන ගැනීමටද MobiTV තුලින් හැකියාව තිබේ. කෙසේ වෙතත් පැරණි වැඩසටහන් ජංගම දුරකතනයේ නැරඹීමට නම් ඔබට, Bhasha ලංකා ආයතනය මඟින්ම ලබාදී තිබෙන Roopa ඇප්ලිකේශන් එක භාවිතා කිරීමට සිදුවේ.
Sri Lanka ක්‍රිකට් කණ්ඩාම ක්‍රීඩා කරන ක්‍රිකට් තරඟ නොමිලයේ නැරඹීමේ හැකියාවද MobiTV තුලින් ලබාදේ
Mobitv.lk
Mobitv for android
Mobitv for windows phones
MobiTv for ios