Apple අපි අද කතා කරන්න යන්නේ Apple සමාගම ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි. මීට වසර 38කට පෙර Steve Jobs ගේ නිවසේ ගරාජයෙන් ආරම්භ වුණු ඇපල් සමාගම අද වන විට තාක්ෂණික ලෝකයේ විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රසිද්ධ, ඇමරිකානු ඩොලර් බිලියන 600ක් වටිනාකමක් ඇති සමාගමක්. 1. තුන්වන ආරම්භක සාමාජිකයා අපි හැමෝම දන්නේ ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයින් දෙදෙනා තමයි Steve Jobs හා Steve Wozniak. ඒත් මේ දෙන්නාටත් එක්ක තවත් කෙනෙකුට ඇපල් සමාගමේ හිමිකාරීත්වය හිමි වුනා. ඇපල් සමාගම 1976 දී ආරම්භ කිරීමෙන් පසු දවස් 12කදී එම සමාගමෙන් ඉවත්ව ගිය ඔහු Ronald Wayne. ඔහු සතුව තිබූ සමාගමේ 10%ක කොටස් ප්‍රමාණය ඔහු විකුණා දැමූවේ $2300ක මුදලකටයි. දැන් ඇපල් සමාගමේ වත්කම් එක්ක බලන විට ඔහු සතුවූ කොටස් වල වටිනා කම ඩොලර් බිලියන 60ක්. රුපියල් වලින් නම් රුපියල් කෝටි 781 230 ක්. ඇඬෙනවා නේද? 2. ඇපල් සමාගමේ ප්‍රථම නිර්මාණය පරිගණකයක් නෙවෙයි. ඇපල් සමාගමේ මුල්ම නිර්මාණය ඉලෙක්ට්‍රොණික පරිපථයක්. ඩොලර් 666කට මිල කර තිබූ එය මිලදී ගන්නා අය වෙනම case, power supply switch, transformers, keyboard හා video display ...