Skip to main content

Posts

Showing posts from September, 2015

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

ඉතිහාසය පිළිබඳ විවිධ ඉතිහාසඥයින් ඉදිරිපත් කළ නිර්වචන

* ඊ.එච්.කාර් - වර්තමානය තේරුම් ගැනීමට යතුර වශයෙන් අතීතය තේරුම් ගත යුතුය. * ස්ටුවර්ට් පිගොට් - පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා මානව සමාජයේ යටගියාව හැදෑරීම ඉතිහාසය නම් වේ. * ජී.එම්.ට්‍රෙවිලින් - ඉතිහාසය යනු එක් විෂයක් නොව විශයන් සියල්ලෙහිම අන්තර්ගත ගෘහයයි. * බර්ඛාඩ්ට් - එක් යුගයක් විසින් ලියා තබන්නට වටිනා තරම් වූ දෑ ඊට පෙර යුගවලින් සොයාගැනීම ඉතිහාසය නම් වේ. * ශ්‍රී ජවහර්ලාල් නේරු - වර්තමානය හා අනාගතය අනිවාර්යෙන්ම අතීතයෙන් ගොඩනැගෙන අතර, එහි එම මෘදාව දක්නට ලැබෙනු ඇත. එය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව සිදු කෙරෙන ඉදිකිරීමක් වැනිය.

ඉතිහාසය යනු? මම අදහස් කරන ආකාරය

ඉතිහාසය යනු කල්පිත කතන්දරයක් නොවන අතර මානව ක්‍රියා සම්බන්ධව ක්‍රමානුකූල හේතු සාධක මත ගොඩනැගෙන කාලානුරූපව ගලා යන සත්‍ය ක්‍රියාවලියක සිදුවීම් කිහිපයකි.

ඉතිහාසය හඳුන්වා දීම

1. ඉතිහාසට යනු එක් විශයක් නොව විශයන් සියල්ල අන්තර්ගත ගෘහය ලෙස නිර්වචනයක් ඉදි‍රිපත් කළේ G.M. ට්‍රෙව්ලියන් විසිනි. 2. පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා මානව සමාජයේ යටගියාව හැදෑරීම ඉතිහාසය ලෙස නිර්වචනය කළේ ස්ටුවර්ට් පිගොට් විසිනි. 3. • ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.     • රටේ දේශපාලන බලවේග හඳුනාගැනීම.     • ජාතික සමඟිය ගොඩ නැගීම , ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන වේ.

ද්‍රව තුළ ඇති වස්තු මත ක්‍රි‍යා කරන බලය

උදා:- • වැලි සහිත බෝලය දෝණිකාව පතුලේ නතර වේ. • ජලය සහිත බෝලය දෝණිකාවේ ජලය තුළ පවතී. • හිස් බෝලය ජලය මතට පැමිණේ. උඩුකුරු තෙරපුම ජලය තුල පවත්නා වස්තුවක් කෙරෙහි ජලය මගින් උඩු අතට තෙරපුමක් ඇති කෙරේ. ජලය මඟින් ඉහළට යෙදෙන බලය උඩුකුරු තෙරපුම ලෙස හඳුන්වයි. වස්තුවක් ද්‍රව්‍ය‍යක් තුළ දී පවතින ආකාරය කෙරෙහි උඩුකුරු තෙරපුම මෙන් ම වස්තුවේ බරද බලපායි. ආකිමිඩීස් නම විද්‍යාඥයා උඩුකුරු තෙරපුම සම්බන්ධ පරීක්ෂණ කළ විද්‍යාඥයෙකු ලෙස පහළ වී ඇත.

පීඩනය

පීඩනය ‍යනු වර්ගඵලය ඒකක එකක් මත එම වර්ගඵලයට ලම්බ ව ඇතිකරන මධ්‍යන්‍ය බලයයි. පීඩනය ( P ) =  බලය ( F ) ÷ එම බලය යෙදෙන වර්ගඵලය ( A )

තරුණ තරුණියන්ට ඇති , පිළිතුරක් සොයාගැනීමට හෝ කිසිවෙකුගෙන් ඇසීමට නොහැකි ප්‍රශ්ණයකට පිළිතුරක් - ස්වයංවින්ධනය

ස්වයංවින්ධනය යනු ලිංගික සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැතිව සිදු කරන ලිංගික අත්හදාබැලීමයි. මෙම ස්වයංවින්ධනය පාසල් අවධියේ (14+) සිට ගැහැණු හා පිරිමි රහසිගතව සිදු කරයි. ස්වයංවින්ධනය ලබන පුද්ගලයෙකුට තිබෙන ගැටලුව වන්නේ මෙය අහිතකරද යන්නයි. බොහෝ දෙනෙකු ස්වංවින්ධනයට බයක් දක්වන්නේ එම හේතුව මතයි. කෙසේ උවද ස්වයංවින්ධනය ඕනෑම අයෙකුට ලබාගත හැකියි. එය තම ඉදිරි ලිංගික ජීවිතයට කිසිඳු බලපෑමක් ඇති නොකරයි. තවද පුද්ගලයෙකුට ස්වයංවින්ධනය නිසා තම ශරීරය කෙට්ටු වේ යැයි බියක්ද පවතී. එම බිය ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි අතර ස්වයංවින්ධනය නිසා තම ශරීරය කෙට්ටු වීමක් ඇති නොකරයි. ස්වයංවින්ධනය කී වරක් පමණක් සිදු කළ යුතුද? එලෙස සීමාවක් නොමැත. ඕනෑම අයෙකුට තම ලිංගික රුචිකත්වයට අනුව සීමාවක් විරහිතව ස්වයංවින්ධනය ලබා ගත හැක. නමුත් ලිංගික රුච්කත්වයක් නොමැතිව ස්වයංවින්ධනය සිදුකිරීමට සිතේනම් හෝ සිදුකරනවානම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. (එය රෝග තත්වයකී) (ස්වයංවින්ධනයේදී අහිතකර අත්හදාබැලීම් සිදු නොකළ යුතුය)

ඕල්කට්තුමාගේ ආගමික කටයුතු

• එතුමා බෞද්‍යයෙක් වීම. • පරම විඥ්‍යානාර්ථ බෞද්‍ධ සමාගම පිහිටුවීම. • එම සමාගම මගින් "සරසවි සඳරැස" නම් පුවත්පත අරඹා බෞද්ධයන් එකමුතු කිරීම. • ඉරුදින දහම් පාසල් ඇරඹීම. • වෙසක් පෝය දින රජයේ නිවාඩු දිනයක් කිරීම. • කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි බෞද්‍ධ පාසල් ඇති කිරීම. • කාන්තා අධ්‍යාපනයට කොළඹ විශාඛා විද්‍යාලය හා මියුසියස් බාලිකා විද්‍යාලය ඇරඹීම. • අනගාරික ධර්මපාලතුමා ඇති කළ මහා බෝධි සමාගමෙර් සේවය අහය කිරීම. • සර් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ නායකත්වයෙන් ඇති කළ තරුණ බෞද්ධ සංගමයෙන් සිදු වූ සේවය අගය කිරීම.

1945: US Drops atomic bomb on Hiroshima

The first atomic bomb has been dropped by a United States aircraft on the Japanese city of Hiroshima. President Harry S Truman, announcing the news from the cruiser, USS Augusta, in the mid-Atlantic, said the device was more than 2,000 times more powerful than the largest bomb used to date. An accurate assessment of the damage caused has so far been impossible due to a huge cloud of impenetrable dust covering the target. Hiroshima is one of the chief supply depots for the Japanese army. The bomb was dropped from an American B-29 Superfortress, known as Enola Gay, at 0815 local time. The plane's crew say they saw a column of smoke rising and intense fires springing up. " We found the Japanese in our locality were not eager to befriend us - after all, they had not long ago had the most fearful weapon of all time dropped on their doorstep" The President said the atomic bomb heralded the "harnessing of the basic power of the universe". It also marked a v

පළමුවන ලෝක සංග්‍රාමය

• 1914- 1919 දක්වා යුරෝපය පුරා පැවති යුද්ධ මාලාව පළමු ලෝක මහා සංග්‍රාමය වශයෙන් හැඳින්වේ. පළමුවන ලෝක සංග්‍රාමයට හේතු • පළමුවන ලෝක මහා සංග්‍රාමයට ප්‍රධානතම හේතුව වූ‍යේ ‍යටත් විජිත සඳහා වූ තරංගය හා රටවල් කාර්මීකරණය වීම නිසා යුරෝපා ජාතීන් අතර් අමුද්‍රව්‍ය ලබා ගැනීම හා වෙළඳාම සඳහා වූ තරඟයයි. පළමු ලෝක මහා සංග්‍රාමය ඇති වීමට හේතු වූ තවත් කරුණු කිහිපයක් • ඇල්සේස් ලොරෙන් ප්‍රශ්නය. • යුරෝපය පිල් දෙකකට බෙදීම. • ජර්මන් කයිසර්වරුන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය. • එංගලන්ත - ජර්මන් නාවික තරඟය. • 1914 සාර්ද්ජිවෝ සිද්ධිය. • ජර්මන් නාවික ප්‍රතිපත්තියට විරුද්ධ ව ඇමරිකා එක්සත් ජනපදය මිත්‍ර සංවිදානයට එකතු වීම. • එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය එක් පාර්ශවයකට අයත් විය. • අනෙක් පාර්ශවයට ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය, තුර්කිය, බල්ගේරියව, හංගේරියාව අයත් විය. පළමුවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල • විශාල වශයෙන් මනුශ්‍ය ඝාතන සහ දේපළ විනාශ විය. • වරදකරුවා වශයෙන් සලකා ජර්මනියට දැඩි දඬුවම් පැමිණ විය. • ඇල්ලෙස් - ලොරේන් ප්‍රංශයට පවරා දීම් සිදු විය. • ඇල්ලෙස් - ලොරෙන් ප්‍රංශයට පවරා දීම සිදු ව

චීන විප්ලවයේ ප්‍රධාන අවස්ථා

• මන්චු ‍රාජවංශය බලයෙන් පහ වීමෙන් පසු දේශපාලන අවුල් වියයුල්වලින් ගහණ කාල පරිච්ඡේදයක් උදා විය. • මේ කාලයේ දී යුද නායකයෝ බලවත් වූහ. • ආචාර්‍ය් සුන් - යුත් සෙන්ගේ කුඩෝමින්තාන් නම් සංවිධානයක් ඇති කළ අතර, මේ සංවිධානයට සෝවියට් ආධාර ලැබිණි. • කුවෝමින්තාන්වරු කැන්ටනයේ බලය තහවුරු කර ගන්නා ලදී. කැන්ටන් ආණ්ඩුක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ • සුන්-යුත්-සේන් දර්ශනය • සුන්-යුත්-සේන් අභාවය හා ඔහූ කෙරේ තිබූ භක්තිය වැඩි වීම. • කොමියුනිස්ට්වරුන්ගේ තාවකාලික පරාජය • කුවෝමින්තාන්වරු බෙයිජිං අල්ලා ගැනීම • චියැං කායිෂෙක්ගේ දේශභිමානි හමුදා නැන්කිං ප්‍රදේශයේ බලය අල්ලා ගැනීම • දේශාබිමානී ජාතිකවාදීන්ගෙන් ඉටි වූ කාර්‍යභාරය • ජාතිකවාදීන්ගේ පරාජය • කුවොමින්තාන්වරු අසාර්ථක වීම. • විප්ලවය සඳහා මාඕසේතුංගේ උපක්‍රම • දීර්ඝ පා ගමන • ජපන් යුද්ධය

දෙවන ලෝක මහා සංග්‍රාමය යටතේ චීනය

• මේ කාලයේ දී චීනයේ සිවිල් යුද්ධයකට පසුබිම් සැකසුණි. • මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මහජන චීනය බිහි විය. • 1945 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති විය. • කොමියුනිස්ට් විප්ලවයේ උත්තරීතර ලක්ෂණය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී අඥාදායකත්වයයි. • මේ සමඟම ආර්ථික සැලැස්ම, නව අරමුණු හා අපේක්ෂා ඇති විය. • කෘෂිකාර්මික විප්ලවයත් සමඟ චීනයේ ඉදිරි මහා පිම්මක් ඇති විය. • චීන සංස්කෘතියක විප්ලව‍යේ ප්‍රතිඵලය වූයේ සමාජයීය වෙනස්වීමයි • චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියා සමූහාණ්ඩුව සමඟ විදේශ සම්බන්ධතා ඇතිකර ගන්නා ලදී. • දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵලයක්වශයෙන් ජාතික චීනයේ (තායීවානයේ) බිහි වීම සිදු විය. • චීන ඉතිහාසයේ වැදගත් ම යුගය වන්නේ මාඕ සේතුං යුගයයි.

ක්‍රි.ව. 1924 මැනිං - ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

• 1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නිල නොලත් සාමාජික සංඛ්‍යාව 37 දක්වා ද, නිල ලත් මන්ත්‍රීන් සංඛ්‍යාව 12 දක්වා ද වෙනස් විය. • 1924  ව්‍යවස්ථාදායකය මන්ත්‍රණ සභාවේ බලය හා වගකීම වෙන් ව පැවතීම ප්‍රධාන දුර්වලතාව විය. උදා : පාලන කටයුතු පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරයාට පැවරී තිබූ අතර, ව්‍යවස්ථාදායජ මණ්ඩලයේ බහුතර බලය නිල නොලත් මන්ත්‍රීන්ට පැවරී තිබුණ. එහෙත් ඔවුන්ට වගකීමක් පැවරී තිබුනේ නැත.

බ්‍රිතාන්‍ය‍යන්ගේ අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ හේතු

1. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නැව් මාර්ගයන්හි මධ්‍යගතව පිහිටා තිබීම. 2. ඊසාන දිග මෙන් ම නිරිත මෝසම් සුළං කාලවල දී ආරක්ෂා සහිතව නැව් නවතා තැබිය හැකි ස්වාභාවික වරායක් වූ ‍ත්‍රීකුණාමල වරාය ශ්‍රී ලංකාවේ පිහිටා තිබීම. 3. ඉන්දියාවේ බටහිර වෙරළේ මෙන් ම නැගෙනහිර වෙරළේ නාවුක බලය ශ්‍රී ලංකාවේ සිට පහසුව්ව්න් පාලනය කළ් හැකි වීම. 4. වෙළඳාමේ වැදගත්කම. > යුරෝපයට ගෙන ගිය කුරුඳු ප්‍රමුකස්ථානයක් ගැනීම. > යුරෝපා රටවල් අතර පැවති වෙළඳ තරඟයේ දී මෙරට කුරුඳු වෙළඳාමෙන් එ‍තෙක් පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් ලැබූ ලාභය ඉංග්‍රීසීන් අතර පත් කර ගැනීම

තුන්වන වර්ගයේ ලීවර

භාරය හා ධරය දෙපැත්තෙන් ආයාසය මැදත් පිහිටන ලීවර තුන්වන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. සරළ යන්ත්‍ර බොහොමයක් මෙම ලීවර කාණ්ඩ වලින් කිසියම් කාණ්ඩයකට අයත් වෙයි. එදිනෙදා කටයුතු වලදී භාවිතා කරන සරළ යන්ත්‍ර වැඩි ප්‍රමානයක් ලීවර කාණ්ඩ වලට අයත් වෙයි. ආයාසය ‍ යන්ත්‍රයකට යොදනු ලබන බල‍ය (P) ආයාසය ලෙස හඳුන්වයි. භාරය එමඟින් වස්තුව මත යෙදෙන බලය (W) භාරය ලෙස හැඳින්වේ. ධරය භ්‍රමණය වන ලක්ෂ්‍ය (F) ධරය ලෙස හැඳින්වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන පද්ධතිය

• පළාත් සභාව • මහ නගර සභාව • නගර සභාව • ප්‍රාදේශීය සභාව 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ නව වැනි උප ලේඛනය අනුව පළාත් සභා විමධ්‍යගත බලතල 37 කී.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ බිහි වූ සමාජවාදී හා ධනවාදී යන බල කඳවුරු දෙකෙන් එකකටවත් ගැති නොවී සිටි ජාතීන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි (Non Alignment) ප්‍රතිපත්තිය ලෙසින් හඳුන්වන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබූ තුන්වන ලෝකයේ රටවල් ලෙස සැලකෙන ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයන් බවට පත්විය. සෝවියට හා ඇමරිකානු කඳවුරු දෙකෙහි නායකයන් නව නිදහස් රාජ්‍ය හැකි තරම් තම පිලට වැඩි කරගැනීමට උත්සහ දරන විට දිගු කලක් අධිරාජ්‍යවාදයට හසුව සිට නිදහස ලැබූ ජාතීන්ට අවශ්‍ය වූයේ තම නිදහස රැකගෙන, කිසිඳු සුපිරි බලවතෙකුට තම හිස නො නමන ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඒ අනුව නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය බිහි විය. නොබැඳි ජාතීන්ගේ නිර්මාතෘ ලෙස ඉන්ධියාවේ හිටපු අගමැති ජවහර් ලාල් නේරු, ඉන්දුනීසියානු ජනාධිපති සුකර්නෝ, යුගොස්ලෝවියානු ජනාධිපති මාෂල් ටීටෝ, ඊජිත්තියානු ජනාධිපති අබ්දුල් නසාර් යන අය කටයුතු කළේ ය. නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්තිය වූ‍යේ බල කඳවුරු දෙකෙන්ම ඉවත් වී හුදකලාව සිටීමට නොව නිදහස, ආරක්ෂාව, සාමය හා සහයෝගීතාවය පදනම් කරගත් එකකී

පියයුරු පිළිකා

              පියයුරු පිළිකා පි‍යයුරු පිළිකා සදහා අවදානම් සාධකයන් ස්ත්‍රීන් හට පියයුරු පිළිකා පිරිනීන්ට වඩා 100 ගුණයකින් පමණ වැඩිපුර ඇති වේ. මෙයට හේතු වන්නේ ගැහැණු සිරුර තුළ ඇති වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පියයුරු පිළිකා වර්ධනය කිරීමයි. 1. වයස පියයුරු පිළිකා අවදානම් තත්වය වයසත් සමඟ ඇති වේ. බොහෝ විට පියයුරු පිළිකා ඇති වන්නේ වයස 40 ට වඩා වැඩි කාන්තාවන්ටය. 2. ජානමය හේතු 5% - 10% ත් අතර පියයුරු පිළිකා ප්‍රමාණයකට හේතු වන්නේ උපතින් එන ප්‍රවේණික පිළිකා ඇති කරවන ජානයි. ලේ ඥාතියෙකුට පියයුරු පිළිකා 15% කට පමණ එම පිළිකාව ඇති නෑදෑයෙකු ඇත. 3. දරුවන් නොමැති හෝ දරුවන්ට මවු කිරි නොදූ කාන්තාවන්. 4. පමාවී දරුවන් සෑදීම පළමු දරු උපත වයස 30 ට වැඩි කාන්තාවන්ට වැඩි අවධානමක් ඇත. දරුවන් වැඩි ගණනක් සිටීම හා පළමු දරුවා නිසි වයසේදි පිලිසිඳ ගැනීම පියයුරු පිළිකා අඩු කරයි. 5. උපත් පාලන පෙති උපත් පාලන පෙති දිගු කාලයක් භාවිත කළ කාන්තාවන්ට පි‍යයුරු පිළිකා අවධානම ඉතා ස්වල්ප වශයෙන් වැඩි වේ. 6. ආර්ථවහරණයෙන් පසු හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (Hormone Replacement Therapy After Menopause) පියයුරු පි

භෞතික විද්‍යාව 10-11 ශේණි සදහා

                1 වන ඒකකය        බලය හා ස‍රල රේඛීය චලිතය _____________________________________ --------------------------              දුර හා විස්තාපනය __________________________       _____________________ a - ______________________________ -b • සිසුවා ( a ) සිට ( b ) දක්වා ගමන් කළ වක්‍ර මගෙහි මුලු දිග ඔහු ගමන් කළ දුර ලෙස හැදින්වේ. • සිසුවා ( a ) සිට ( b ) දිශාව ඔස්සේ ගමන් කළ සෘජු දුර විස්ථාපනය ලෙස හැදින්වේ. * දුර මැනීමේදී දිශාවක් අදාළ කර නොගනී. * විස්තාපනය මැනීමේදී දිශාවක් ඔස්සේ මිනුම් ගනී. * දුර සහ විස්ථාපනය මනින් අන්තර්ජාතික සම්මත ඒකකය මීටරය වේ. * කාල ඒකකයක දී ගමන් කළ දුර වේගය ලෙස ගැදින් වේ. * වේගයේ සහ ප්‍රවේගයේ අන්තර්ජාතික ඒකකය ms -1 වෙ. දුර සහ විස්‍ථාපනය කාලය සමඟ විචලනය වීම ප්‍රස්තාරිකව නිරූපනය කළ හැකිය.