Skip to main content

Posts

Showing posts from September, 2014

Call to a function with sending data from another View Controller in Swift Xcode iOS Application

  Download project zip Or access each file in the project

Apple Iphone 6 plus එකේ ලොකු ලෙඩක්

සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී තිබීම ගැන පැමිණිලි කර තිබෙනවා. එය සුළු නැවීමක් වුවත් පහසුවෙන් දැකිය හැකි වෙනසක්. බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථන නැවී තිබුනේ ඉහළ ප්‍රදේශයට ආසන්නවයි. සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා. ඇලුමිනියම් කියන්නේ සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. නමුත් ජංගම දුරකථනයක් මේ වගේ නැමීමට ලක්වීම සාධාරණිකරනය කරන්න එය කරුණක් නෙවෙයි. මීට ප්‍රථම iPhone 5S සඳහා මෙවැනි පැමිණිලි වාර්ථා වුනේ නැති තරම්. ඉතින් ඔන්න දැන් ඔබේ ජංගම දුරකථනයෙන් iPhone 6 Plus වෙත මාරු වෙනවාද කියලා හිතලා බලන්න ඔබට සිදු වේවී .

Apple

Apple අපි අද කතා කරන්න යන්නේ Apple සමාගම ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි. මීට වසර 38කට පෙර Steve Jobs ගේ නිවසේ ගරාජයෙන් ආරම්භ වුණු ඇපල් සමාගම අද වන විට තාක්ෂණික ලෝකයේ විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රසිද්ධ, ඇමරිකානු ඩොලර් බිලියන 600ක් වටිනාකමක් ඇති සමාගමක්. 1. තුන්වන ආරම්භක සාමාජිකයා අපි හැමෝම දන්නේ ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයින් දෙදෙනා තමයි Steve Jobs හා Steve Wozniak. ඒත් මේ දෙන්නාටත් එක්ක තවත් කෙනෙකුට ඇපල් සමාගමේ හිමිකාරීත්වය හිමි වුනා. ඇපල් සමාගම 1976 දී ආරම්භ කිරීමෙන් පසු දවස් 12කදී එම සමාගමෙන් ඉවත්ව ගිය ඔහු Ronald Wayne. ඔහු සතුව තිබූ සමාගමේ 10%ක කොටස් ප්‍රමාණය ඔහු විකුණා දැමූවේ $2300ක මුදලකටයි. දැන් ඇපල් සමාගමේ වත්කම් එක්ක බලන විට ඔහු සතුවූ කොටස් වල වටිනා කම ඩොලර් බිලියන 60ක්. රුපියල් වලින් නම් රුපියල් කෝටි 781 230 ක්. ඇඬෙනවා නේද? 2. ඇපල් සමාගමේ ප්‍රථම නිර්මාණය පරිගණකයක් නෙවෙයි. ඇපල් සමාගමේ මුල්ම නිර්මාණය ඉලෙක්ට්‍රොණික පරිපථයක්. ඩොලර් 666කට මිල කර තිබූ එය මිලදී ගන්නා අය වෙනම case, power supply switch, transformers, keyboard හා video display වෙනමම මිලදී ගත යුතුයි.

Download Apps and games free , contract us

AppsApk™ Like facebook page -  AppsApk Download best Android Apps&games -  here copyright © 2013-2014 market.simdif.com™[simdif inc.]